රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු 04/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී , රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මීගමුව කඩොල්කැළේ ප්‍රදේශයේ පදිංච් 52 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු 04/11 දින අලුයම 01.07 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී මොහුගේ ගමන් මල්ලේ විදේශීය මුදල් තොගයක් සගවා ගෙන සිටින බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් හට නිරීක්ෂණය වීමෙන් පසු , ඒ බැව් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගෙන තිබුණි'
ඉන්පසුව රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවට ගෙන , ඔහුගේ ගමන් බෑගය පරීක්ෂා කිරීමේ දී , ඒ තුළ යූරෝ 41,000 ක් , කැනේඩියානු ඩොලර් 40,000 ක් , ස්විස් ෆ්රෑන්ක් 15,000 ක් , සෞදි රියාල් 3,500 ක් සහ ශ්‍රී ලංකා රුපියල් 40 ලක්ෂයක් තිබී සොයා ගෙන තිබේ .
පසුව මේ පිළිබද විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ තුෂාර විජේසේන මහතා විසින් පැවැත් වූ අතර , එහිදී මෙම ගුවන් මගියා රැගෙන යාමට තැත් කළ මුදල් සියල්ල රාජසන්තක කර ඔහුට රුපියල් තිස් එක් ලක්ෂ හැත්තෑ හය දහස් අට සීයක (31,76,800 ) දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබුණි.